ජනප්‍රිය පාසලකට දරුවා ඇතුලත් කරගන්න මව යෙදූ කවුරුත් නොසිතූ පහත් පෙළේ උපක්‍රමය

තම දරුවන් ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට නොගන්නා උත්සාහයක් නැත. 

මේ එක්තරා මවක තම පුතා ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට ගත් උපක්‍රමයක කතාවකි.

කන්දබඩ පත්තුවේ දියුණු වෙමින් පවතින ගම්මානයක ජීවත් වූ මේ මව තම වැඩිමහල් පුතා ගමේ පාසලට ඇතුළත් කිරීමට අදිමදි කළේ දරුවා පිළිගත් පාසලකට යන බව ගමේ අයට පෙන්වීමේ අදහසිනි.

මෙය තම පවුලේ අයට නම්බුවක් මෙන්ම ආඩම්බරයට කරුණක් යයිද ඇය සිතුවාය.

පාසලට ළමයා ඇතුළත් කිරීමේ අයැදුම් පත්‍රය අඩුපාඩු නැතිව සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමේදී මවගේ රැකියාවද එහි සඳහන් කිරීමට අමතක නොකළාය.

පියා රජයේ ආයතනයක සේවය කරන නිසා මවටද පිළිගත් රැකියාවක් ඇති බව අයැදුම්පත්‍රයේ සඳහන් කිරීමට වගබලා ගත්තාය.

කාලය ගෙවී යාමෙන් පසුව ළමයින් පාසලට ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වන දවස්ද උදාවිය.

මේ මවටද සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපියක් ලැබුණ නිසා නියමිත දිනට දරුවාද සමග සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියාය.

සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ පිරිස ළමයාගේ තොරතුරු ඇතුළත් ලිපි ගොනුව පරීක්ෂා කර බලා ‘‘ගමේ පාසල මගහැර මේ විද්‍යාලයට ළමයා ඇතුළත් කිරීමට අදහස් කළේ ඇයිද? තමන් වැඩ කරන පාසලට ළමයා ඇතුළත් කළානම් නේද හොඳ?’’ කියා විදුහල්පතිවරයා මවගෙන් විමසීය.

‘‘නෑ සර් මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබාදීම ඉතා හොඳින් සිදුවෙන බවට ප්‍රසිද්ධ නිසයි මම අයැදුම් පත්‍රය ඉදිරිපත් කළේ.’’ යයි මව පැවසුවාය.

මවගේ විමසීම් නතර කළ විදුහල්පතිවරයා ළමයාගේ සබකෝල ගතියක් ඇද්දැයි දැනගැනීමට මෙන් මෙසේ ඇසුවේය.

‘‘එන්න පුතා ළඟට. ඔයාගේ නම මොකක්ද?’’ කියා විදුහල්පතිවරයා ළමයාගෙන් විමසීය.

‘‘මම චරිත්.’’ ළමයා පිළිතුරු දුන්නේය.

‘‘තාත්තා මොනවද කරන්නේ?’’

‘‘කන්තෝරුවේ වැඩ’’

‘‘ඇයි පුතා අම්මා උගන්නන ඉස්කෝලෙට යන්න කැමැති නැද්ද?’’

‘‘අම්මා ඉස්කෝලෙක උගන්නන්නේ නෑ. ගෙදර පෙර පාසලක් කරනවා.’’

පුතාගෙ කතාවෙන් අම්මාට හීන් දාඩිය දැමීය.

අයැදුම්පත්‍රයේ මවගේ රැකියාව ලෙස සඳහන් කර තිබුණේ ‘‘ගුරු වෘත්තිය’’ යනුවෙනි.

ව්‍යාජ ගුරුවරකම විදුහල්පතියා තේරුම්ගත්තාය.

පෙරපාසලක ඉගැන්වීම් කළත් ගුරුවරියක ලෙස මව්පියන් සලකන නිසා විදුහල්පතිවරයා සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ පිරිස මුවින් නොබැන බිම බලා ගත්හ.

‘‘හොඳයි දරුවත් එක්ක ගෙදර යන්න. ළමයි ගන්නකොට සලකල බලන්නම් ළමය අපේ පාසලට ගන්නවාද නැද්ද කියලා.’’

ලැජ්ජාවෙන් මුහුණ රතුවුණ මව නෙතට ආ කඳුළු බිදු සාරි පොටෙන් පිසදාගෙන දරුවාද සමග විදුහලේ කාර්යාලය කාමරයෙන් එළියට පැමිණුනාය.

(මාවරල – පී.එස්. මද්දුමගේ)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09