දසත මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට මැර ප්‍රහාරයක්

ජනප්‍රිය රූපවාහිනී මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න හට නන්නාඳුනන පිරිසක් විසින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

අද (21) අලුයම 03ට පමණ මෙම මාධ්‍යවේදියාට පහර දී ඇත්තේ ඔහු නවාතැන් ගෙන සිටින කැලණිය ප්‍රදේශයේ නවාතැන්පොළේ දීය.

පහරකෑමට ලක් වූ ධනුෂ්ක සෙනෙවිරත්න මේ වනවිට හිසට සහ අත පයට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහු නිදා සිටියදී, අද අලුයම 03ට පමණ කිසිවෙක් පැමිණ නවාතැන්පොළෙහි දොරට තට්ටු කර තිබේ.

එම අවස්ථාවේ දී පැමිණ සිටින්නේ කවුරුන් දැයි ඔහු දොර විවෘත කිරීමට පෙර විමසා සිට ඇති අතර පැමිණ ඇත්තේ පොලීසියෙන් බවට පැවසූ නිසාවෙන් ඔහු විසින් සිය කාමරයේ දොර විවෘත කර තිබේ.

එහිදී තමන්ට පහර දුන් තැනැත්තා තමා සමග නවාතැන්පොළේ රැඳී සිටින අයෙකුගේ නමක් කියා එම පුද්ගලයා සිටින්නේ කොහේදැයි තමන්ගෙන් විමසූ බව ඔහු පවසයි.

එම අවස්ථාවේ දී ධනුෂ්ක විසින් එම පුද්ගලයා නවාතැන්පොළේ නොමැති බව මැර පිරිසට පැවසූවද ඔවුන් නැවත නැවතත් ධනුෂ්කට පහරදී තිබේ.

ප්‍රථමයෙන් එක් අයෙකු පමණක් නිවස ඇතුළට පැමිණ ප්‍රශ්න කර ඇති අතර පහරදීමේ දී තවත් දෙදෙනකු නිවසේ එළියේ සිට පැමිණ නිවසෙහි තිබූ පුටුවකින් ඔහුගේ හිසට දරුණු ලෙස ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඔහුට පහරදීමට නිවස තුළට පසුව ආ පුද්ගලයින් මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී නාලිකාව සේවය කරන අය බවට ධනුෂ්ක විසින් හඳුනාගෙන ඇත.

ඔහුට පහරදෙන අවස්ථාවේ දී මෙම මැර පිරිස මත්ද්‍රව්‍ය ගෙන සිට ඇති අතර ඔවුන් පිටත් ව යෑමට පෙර තවත් මාධ්‍යවේදියෙකුගේද නම කියමින් ඔහු රැඳී සිටින්නේ කොහේදැයි යන ප්‍රශ්නය ද විමසා තිබේ.

ධනුෂ්කට පුටුව කැඩෙන්නට පහර දී, පසුව තවත් පහර දෙන්නට නිවසෙහි විවිධ භාණ්ඩ සොයමින් සිටින අතරතුර දී ධනුෂ්ක කඩිනමින් නිවසින් පිටත දුවවිත් කෑ ගසන අවස්ථාවේ නවාතැන්පොළෙහි හිමිකරු පැමිණ ඇති අතර එහිදී පහරදුන් පුද්ගලයින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පළාගොස් තිබෙනවා.

කෙසේවෙතත්; මේ සම්බන්ධයෙන් මේවනවිට පැලියගොඩ පොලිසියට පැමිණිලි සිදු කර ඇති අතර; සිදුවීම පිළිබඳ ව විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

සැකකරුවන් පළායන අවස්ථාවේ දී නිවසේ හිමිකරුව ද මෝටර් රථයෙන් යට කිරීමට උත්සාහ ගන්නා දර්ශන නිවසෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී ඇති බව වාර්තා වෙයි.

එම දර්ශන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අප පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඔහු සඳහන් කළේ මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බවත්; ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
5
+1
1
+1
24
+1
6
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34