AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක ස්කූප් ජීවිතක්ෂයට

ජනප්‍රිය ඇමරිකානු රැප් ගායකයෙක් වන ෆැට්මන් ස්කූප් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට්හි හැම්ඩන් නගරයේ දී සංවිධානය කර තිබූ ප්‍රසංගයක දී ඇද වැටීමෙන් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ගිලන් රථයකින් ප්‍රාදේශීය රෝහලකට රැගෙන ගියත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වූ බවයි නගරාධිපති ලෝරන් ගැරට් සඳහන් කළේ.

පසුගිය සිකුරාදා ජීවිතක්ෂයට පත්වන විට ස්කූප් 53 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහුගේ මරණයට හේතුව නිශ්චිතව පැහැදිලිකර නැහැ.

ඔහුගේ පවුලේ ඥාතීන් සෙනසුරාදා ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක ලියා ඇත්තේ “ලෝකයට දීප්තිමත් ආත්මයක්, වේදිකාවේ සහ ජීවිතයේ ආලෝකයක් අහිමි වූ” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
7
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?