ජනපති හමුවී පැය 24ක් යෑමට පෙර ආණ්ඩුවෙන් ඉවත්වූ පිරිස

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය ද ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක සෙන්දිල් තොන්ඩමාන් නිවේදනය කර සිටිනවා.

මේ අතර ඊයේ දිනයේදී ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. එහිදී ලංකා කම්කරු කොංග්‍රසයේ ඉල්ලීම පරිදි උඩරට විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සැලසුම් කිරීම, රුපියල් දහසක දෛනික වතු කම්කරු වැටුප සහ ගුරු සහායක පත්වීම් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණ බවයි සදහන් කර සිටියේ.

කෙසේ වුවත් එම හමුවීම සිදුවී පැය 24ක් යාමට පෙර එම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?