ජනපති සහ විශේෂඥ වෛද්‍ය සංගමය අතර සාකච්ඡාවක් (වීඩියෝ)

මෙවර ‘අයවැය’ දත්ත මත පදනම් ව විද්‍යාත්මකව හා සැලසුම්සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (19) පැවැති සාකච්ඡාවේදියි.

ඉතිහාසයේ දී විවිධ රජයන් ණය ලබා ගැනීමේ දී එම ණය ආපසු ගෙවීමේ දී ආර්ථිකයට සිදු වන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති බවත්, තම රජය එවැනි අවිධිමත් ණය ලබා ගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත්, ආර්ථික තිරසාරත්වය කෙරෙහි සිය රජයේ ඉහළම අවධානය යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී පෙන්වා දුන්නා.

මෙහිදී විශේෂඥ වෛද්‍ය සේවය සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම මෙන්ම වෘත්තීය ගැටලු පිළිබඳව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා.

මෙවර අයවැයෙන් සිදු කරන ලද මූලික වැටුප වැඩි කිරීම, වැඩිකළ සමස්ත වැටුපට අනුරූපීව මේ වසරේ සිටම විශ්‍රාම වැටුප් තලය ඉහළ දැමීම, දීමනා ලබා දීම, ආදායම් බදු සීමාව ඉහළ නැංවීම පිළිබඳව ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය ප්‍රසාදය පළ කෙරුණා.

සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් සහිත යෝජනා මාලාවක් ද මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ බවයි පැවසෙන්නේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඩී.කේ.එස්.එන් යසවර්ධන මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?