ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති BAI YINZHAN ඇතුළු නියෝජිතයන් අතර හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ “සෘජු හා දැක්මක් සහිත නායකත්වය” හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට තමන්ට දැඩි විශ්වාසයක් ඇති වී තිබෙන බව චයිනා හාබර් සමාගමේ සභාපති BAI YINZHAN මෙහිදී පැවසුවා.

විශේෂයෙන්ම වරාය නගර විශේෂ ආර්ථික කලාපය සඳහා ලබා දී ඇති දිරිගැන්වීම් පිළිබඳව සිය කෘතඥතාව පළ කළ සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරභාවයට පත්ව තිබීමද අගය කළා.

රටේ ආර්ථික වර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය කැපවී සිටින බවද සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා මත රජය ප්‍රතිපත්තිමය ස්ථාවරභාවයකට පැමිණ ඇති බවත්, එම ස්ථාවරභාවය මත සිට ආයෝජකයන්ට හිතකර දිශාවකට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා, රටට සුබදායක වන ආයෝජන සඳහා රජයෙන් ලබා දිය හැකි ඉහළම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවත්, විශේෂයෙන්ම වරාය නගර කලාපය සංවර්ධිත ආර්ථික කලාපයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් ප්‍රකාශ කළා.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී චයිනා හාබර් ඉංජිනේරු සමාගම දැක්වූ සහායද මෙහිදී ජනාධිපතිවරයාගේ කෘතවේදී ඇගයීමට ලක් වුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30