ජනපති සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (14) පැවැත් වුණා.

ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීම, ඒකාබද්ධ කිරීම, සංවර්ධනය සහ ඊට අදාළ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා රජය මූලික ආයෝජන සිදුකිරීම සහ ඒවා නිසි ලෙස නියාමනය කිරීම, ආයෝජන කලාප ආශ්‍රිත දේශීය කුඩා පරිමාණ කර්මාන්ත බිහි කිරීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා මුහුණ දෙන ව්‍යාපාර ණය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

කර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කළ නමුත් මෙතෙක් නිදහස් කර නොමැති ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවා.

දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීම සඳහා ආනයන සීමා පවත්වාගෙන යාම හා විගණනය කිරීම, ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ප්‍රසම්පාදනයේ දී දේශීය සැපයුම්කරුවන් සඳහා වැඩි අවධානයක් යොමු කිරීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත ගැටලු සහ එහි පූර්ණ ආදායම ජාතික ආර්ථිකයට එකතු කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය දිරි ගැන්වීම සඳහා සංචාරකයින්ට ලබාදෙන බදු නිදහස් කිරීම කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34