ජනපති සමඟ කළ සාකච්ඡාවේ සම්පූර්ණ සහ පැහැදිලි වීඩියෝව නීතිඥ සංගමය ඉල්ලයි

පසුගිය 12 වනදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (14) නිකුත් කර ඇති ලිපියකින් පෙන්වා දෙන්නේ, මේ වනවිට එම සාකච්ඡාවේ වීඩියෝ පටිගත කිරීමේ කොටසක් පමණක් තමන්වෙත ලැබී ඇති බවයි.

එම වීඩියෝ පටයෙන් ලබාදී ඇත්තේ මූලික සාකච්ඡාවේ කොටසක් පමණක් බවත්, ඇතැම් කොටස්වල ශබ්දය ද පැහැදිලි නොමැති බවත් එම සංගමය පෙන්වා දී තිබෙනවා.

ඒ, අනුව ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාව පුරා සිදු වූ සියලු අදහස් දැක්වීම්, නිරීක්ෂණ, ප්‍රතිචාර සහ නීතිඥ සංගමයේ නියෝජිත පිරිස විසින් අවසානයේ සිදුකළ ප්‍රකාශ ඇතුළත් සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙසයි ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ.

එමෙන්ම හැකි හොඳම ශව්‍ය සහ දෘෂ්‍ය තත්ත්වයෙන් අදාළ වීඩියෝව ලබාදෙන ලෙසට ද නීතිඥ සංගමය අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56