ජනපති, මහනුවර රදගුරු හිමිපාණන් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මහනුවර රදගුරු නිවස වෙත ගොස් රදගුරු ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් බැහැ දැක තිබෙනවා.

රදගුරු වෙලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ සුව දුක් විමසු ජනාධිපතිවරයා කෙටි සාකච්ඡාවකට ද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නිවාස ගැටලුව ඇතුළු වතුකරයේ ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද තවමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් නොවීම පිළිබඳ සාකච්ඡාවට ලක් වු අතර ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා ගත යුතු පියවර පිළිබඳ අවධානය යොමු කෙරුණා.

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙහිදි රදගුරු හිමිපාණන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් එම අවස්ථාවේදීම රදගුරු හිමිපාණන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධීකරණය කරමින් ඇතැම් ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම නුවරඑළිය ඇතුළු වතුකරයේ මාර්ග පද්ධතිය නිසි ලෙස සකස් නොවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන් කළ රදගුරු හිමිපාණන් එම මාර්ග පද්ධතිය සංවර්ධන කර දෙන ලෙසටයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51