ජනපති නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් අතර අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ අතර උදා වූ නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කතාබහක නිරත වුණා.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වුණා.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද කරනු ලැබුවා.

ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ ද බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා තිබෙනවා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත වුණා.

උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අස්ගිරි මහා නා හිමියෝ ජනතාවට වඩා යහපත්, රටක් ගොඩනගා දීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ නව වසරේ නව ජවයකින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කළා.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත වුණා.

පසුගිය වසරේ සිදුවූ ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයේ අභියෝගයට මුහුණදීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු ප්‍රමුඛ අනු නායක හිමිවරු දැනුවත් කළ අතර එම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට උන්වහන්සේලා සිය ආශිර්වාදය පළ කළා.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර දිසානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48
Video thumbnail
අධ්‍යාපන ලේකම්වරිය බබා.."සමරිසි ප්‍රවර්ධනය කිරිමේ තානාපති අගමැතිතුමිය"
03:04
Video thumbnail
අලුත් අවුරුද්දෙම හොඳම එකෙන් ඇමතූ රංජිත්..මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුනේ
09:29
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40


?