ජනපති චීනයේ එක්සිම් බැංකු ප්‍රධානියා සමඟ සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධ කරුණු පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන අපනයන ආනයන බැංකුවේ සභාපති Wu Fulin මහතා සමඟ වීඩියෝ ඇමතුමක් මගින් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ඉතා ඵලදායි මෙම සාකච්ඡාව අඟහරුවාදා (10) පැවති බවයි.

එම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් ණය ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්න විසඳීම සඳහා හුවමාරු මෙන්ම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දිවයිනේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර සංවර්ධනයට උපකාර කිරීමටත් දෙපාර්ශවය එකඟ වූ බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34