ජනපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ අවසන් තීරණය අද

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (29) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

අද (29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විජේරාම ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ මෙම සකච්ඡාව පැවැත්වීම නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ (28) පස්වරුවේ පවත්වා ඇති බව වාර්තා වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව තුනක් ජනධිපති අපේක්ෂකයින් තිදෙනෙකුට සහායදීමට තීරණය කර ඇති බවයි දේශපාල ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව අමාත්‍ය මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදෙන බවයි දැනුම් දී ඇත්තේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ජන බලවේගයේ අපේක්ෂකයාට සහාය ලබාදෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34