AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ අවසන් තීරණය අද

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (29) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

අද (29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විජේරාම ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ මෙම සකච්ඡාව පැවැත්වීම නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ (28) පස්වරුවේ පවත්වා ඇති බව වාර්තා වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව තුනක් ජනධිපති අපේක්ෂකයින් තිදෙනෙකුට සහායදීමට තීරණය කර ඇති බවයි දේශපාල ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව අමාත්‍ය මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදෙන බවයි දැනුම් දී ඇත්තේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ජන බලවේගයේ අපේක්ෂකයාට සහාය ලබාදෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?