ජනපති අනුරගේ ජපන් සංචාරය අද අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) සිට එළඹෙන 30 වනදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනවා.

ජපන් රජයේ ආරාධනයකට අනුව සිදුකෙරෙන ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය අතර තුර ජපාන ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.

එමෙන්ම ජනාධිපතිවරයා මෙම නිල සංචාරය අතර තුර ජපන් අධිරාජ්‍යයා හමුවීමට ද නියමිතව තිබෙනවා.

මෙම නිල සංචාරයේ දී ජපන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරෙන රැස්වීමක් ද පැවැත්වීමට නියමිව තිබෙනවා.

ඊට අමතරව ජනාධිපතිවරයා ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ඇමතීමට නියමිතයි.

එමෙන්ම 2025 එස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී, ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස, ” එස්පෝ 2025 ඔසාකා” (EXPO 2025 Osaka) ප්‍රදර්ශනය සඳහා ද ජනාධිපතිවරයා සහභාගීවන බවයි වාර්තා වන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම නිල සංචාරය තුළ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් ද හමුවීමට නියමිතව තිබෙනවා.

ඇමරිකානු සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක පෙරේදා රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ජපානය බලා පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34