Empty Ad
AFC Banner
Empty Ad

ජනපතිට එක්සත් අරාබියේ නිල සංචාරයකට ඇරයුම් – ලංකාවට සහාය දෙන බවටත් සහතිකයක්

ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාළ ව තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser AlAmeri) මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (12) පැවති හමුවේ දීයි ඔහු මේ බව කියා සිටි අතර කඩිනමින් සිය රාජ්‍යයේ නිල සංචාරයකට එක්වන ලෙසට ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයන් 150,000ක් පමණ රැකියාවන්හි නිරත වන අතර එම ප්‍රමාණය වැඩි කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණා.

ශ්‍රී ලංකාවේ හයවන විශාලතම අපනයන වෙළෙඳපොළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර එම අපනයන අවස්ථාවන් පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබාදීමට කටයුතු කරන බවට ද තනාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ සහතික කළා.

ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට එක්වන ලෙස ද ඛලීඩ් නසර් අල් අමේරි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පූර්ණ බලැති මිනිස්ටර් ධුරය හොබවන අහමඩ් එම්.ඒ.ඒ. අල් ෂෙහි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කමිටු රැස්වීමට ආපු නැති අයට අමතපු මන්ත්‍රී ජගත් මනුවරණ
Video thumbnail
පැෆරල් සාකච්ඡාව හොඳටම උණුසුම් වෙයි දොලවත්ත සහ මහින්ද ඇවිලෙයි
13:22
Video thumbnail
ටොයිලට් ගහන්න අම්බානක සල්ලි වැටිලා - CID එකට පැමිණිල්ලක් දාලා
13:17
Video thumbnail
මහින්දට තිබ්බ කොන්ද අනුරටත් ලැබේවා - පොහොට්ටුව ආණ්ඩුවට අභියෝග කරයි
08:25
Video thumbnail
ඉරාජ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
08:42
Video thumbnail
🔴LIVE | අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව
01:31:05
Video thumbnail
සරසවි ඇඳුරාගේ බිරිඳත් අවසන් ගමන් යයි
03:05
Video thumbnail
හිර බත් රස නෑ කියලා දේශබන්දු ගෙදර බත් කන හැටි කොමසාරිස් කියයි
01:47
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
අත්අඩංගුවට ගන්න නියෝග දීලා තියෙන්නේ - ආරක්ෂක නියෝජ්‍ය ඇමති දීපු උත්තර
03:50

?