ජනපතිගේ සහභාගිත්වයෙන් සැමරූ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම අද (23) පෙරවරුවේ කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන්තවයෙන් සමරනු ලැබුවා.

දෙවන ලෝක යුද සමයෙන් පසු 1944 වසරේ දී එනම් මීට වසර 77කට පෙර රටවල් 26ක එකතුවෙන් ගුවන් ගමන් නියාමනය සහ සම්බන්ධීකරණය සඳහා චිකාගෝ සම්මුතිය අත්සන් තැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) ආරම්භ කෙරිණ. 1948 ජුනි මස 01 වන දින
ශ්‍රී ලංකාවට එම සංවිධානයේ සාමාජිකත්වය හිමි වූ අතර මේ වන විට එහි සාමාජික රටවල් සංඛ්‍යාව 193කි.

1912 වසරේ දෙසැම්බර් 07 වන දින ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසයට නව සනිටුහනක් එක් කරමින් දේශීය ප්‍රථම ගුවන් ගමන කොළඹ තුරඟ තරග පිටියේ දී සිදු විය. මෙම සිදුවීම් සිහිපත් කරමින් සෑම වසරකම දෙසැම්බර් මස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සමරනු ලබනවා.

උත්සවය භූමියට පැමිණි ජනාධිපතිතුමා ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සමග සුහද කතාබහක නිරත වීමෙන් අනතුරුව සිවිල් ගුවන් සේවා කටයුතු ආශ්‍රිතව නව නිර්මාණකරුවන් ඉදිරිපත් කළ ප්‍රදර්ශනය නැරඹීය. චිත්‍ර ශිල්පී රවීන්ද්‍ර දිසානායක කළ නිර්මාණයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා.

“ගුවන් සේවා ඉතිහාසය හා ගමන් මඟ”, “සිවිල් ගුවන් සේවා නියාමන කාර්යභාරය සහ කොවිඩ් – 19 හමුවේ සිවිල් ගුවන් සේවාව ඉටුකළ මෙහෙවර” සහ සිවිල් ගුවන් සේවා ප්‍රවර්ධනය අලළා කෙටි වීඩියෝ දර්ශන තුනක් සැමරුම වෙනුවෙන් නිර්මාණය කර තිබුණා.

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ උන්නතියට දැක්වූ දායකත්වය අගයමින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් පස්දෙනෙකුට, කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා තිබූ කාලපරිච්ජේදය තුළ අන්තර්ජාලය ඔස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සංවිධානය කළ තරඟයකින් ජයග්‍රහණය කළ සිසුන් දහසක් සංකේතවත් කරමින් තිදෙනෙකුට සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ තවත් කිහිපදෙනෙකුට සම්මාන ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමුණා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා විසින් ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් සමරු තිළිණයක් පිරිනමණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?