AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ ආරාධනාව ප්‍රතික්ශේප කල නිදහස් පක්ශය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක් ඊයේ (05) පවත්වා තිබේ.

එම හමුව පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමට එම පක්ෂය අද කටයුතු කර තිබෙනවා.

එහිදී හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ අමාත්‍ය ධූර භාරගන්නා ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට පැවසූ බවය.

“එතුමා කිව්වා ශ්‍රීලනිපය මේ කැබිනට් මණ්ඩලයට ආවොත් හොඳයි කියලා. නමුත් එම ඉල්ලීම අපි ප්‍රතික්ෂේප කළා” යැයි හිටපු අමාත්‍යවරයා පැවසුවා

“මේ අවස්ථාවේ එය කළ නොහැකි දෙයක් බව අප ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා.අපි කිව්වේ අපිට ඕනේ මැති ඇමතිකම් නොවෙයි. මෙම අර්බුදයෙන් ගොඩ එන්න රජයට තියෙන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න කියලා.”

මේ අතර, 20 වන ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට ගෙන එනු ලබන ඕනෑම වැඩපිළිවෙලක් සඳහා පුර්ණ සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ යෝජනාවන් පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙන ඒම සඳහා රජය පියවර ගත යුතු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?