ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාවට හෝ මාධ්‍යයට සඟවා තැබීමට තමා සතු ව කිසිවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඒ පෙරේ දා (27) පැවති මාධ්‍ය හමුවක දී. ආණ්ඩුවේ අඩුපාඩු ඇති නම්, ඒවා විවේචනය කිරීමේ අයිතිය ඕනෑ ම අයෙකුට පවතින බවත් එවැනි සාධාරණ විවේචන පිළිගැනීමට තමන් නිබඳව ම සූදානම් බවත් ඔහු එහි දී අවධාරණය කළා.
තමාගේ එක ම අරමුණ ජනතාව විසින් තමා ව ජනපති ලෙස පත්කිරීමෙන් බලාපොරොත්තු වූ දෑ ඉටු කිරීම බව සඳහන් කළ ජනපතිවරයා, එහි දී සිදු වන අඩුපාඩු පෙන්වීම සඳහා ජනතාවට ඇති අයිතිය ද අවධාරණය කළා.
තමන් බලයට පැමිණ ඉනික්බිති කොවිඩ් වසංගතය පැමිණි බව සඳහන් කළ ජනපතිවරයා, ඒ තුළින් තමා බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑම තරමක් මන්දගාමී වූ බව ද පැවසුවා.
ධනවත් රටවල් ඊට විධිමත් ලෙස මුහුණ දුන්නේ, එම රටවල් තුළ පැවති ආර්ථිකමය ශක්තිමත්භාවය නිසා බව යි ඔහු පෙන්වා දුන්නේ.
කිසිදු අයෙකු සමඟ තමාට තරගයක් නැති බවත් තමාට ඇත්තේ රට හැදීම පිළිබඳ තරගයක් පමණක් බවත් සඳහන් කළ ජනපතිවරයා, ඊට අවශ්‍ය සහාය ඇතැම් අයගෙන් නො ලැබෙන බව ප්‍රකාශ කළා.තමාට හුරුපුරුදු වන්නේ, සාමුහික ව කටයුතු කිරීමේ කලාව බව අවධාරණය කළ ජනපති සඳහන් කළේ, එකාවන් ව සටන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයකට අවශ්‍ය සාමුහිකත්වය ගොඩනගාගත යුතු බව යි.