ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාවට හෝ මාධ්‍යයට සඟවා තැබීමට තමා සතු ව කිසිවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ පෙරේ දා (27) පැවති මාධ්‍ය හමුවක දී. ආණ්ඩුවේ අඩුපාඩු ඇති නම්, ඒවා විවේචනය කිරීමේ අයිතිය ඕනෑ ම අයෙකුට පවතින බවත් එවැනි සාධාරණ විවේචන පිළිගැනීමට තමන් නිබඳව ම සූදානම් බවත් ඔහු එහි දී අවධාරණය කළා.

තමාගේ එක ම අරමුණ ජනතාව විසින් තමා ව ජනපති ලෙස පත්කිරීමෙන් බලාපොරොත්තු වූ දෑ ඉටු කිරීම බව සඳහන් කළ ජනපතිවරයා, එහි දී සිදු වන අඩුපාඩු පෙන්වීම සඳහා ජනතාවට ඇති අයිතිය ද අවධාරණය කළා.

තමන් බලයට පැමිණ ඉනික්බිති කොවිඩ් වසංගතය පැමිණි බව සඳහන් කළ ජනපතිවරයා, ඒ තුළින් තමා බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑම තරමක් මන්දගාමී වූ බව ද පැවසුවා.

ධනවත් රටවල් ඊට විධිමත් ලෙස මුහුණ දුන්නේ, එම රටවල් තුළ පැවති ආර්ථිකමය ශක්තිමත්භාවය නිසා බව යි ඔහු පෙන්වා දුන්නේ.

කිසිදු අයෙකු සමඟ තමාට තරගයක් නැති බවත් තමාට ඇත්තේ රට හැදීම පිළිබඳ තරගයක් පමණක් බවත් සඳහන් කළ ජනපතිවරයා, ඊට අවශ්‍ය සහාය ඇතැම් අයගෙන් නො ලැබෙන බව ප්‍රකාශ කළා.තමාට හුරුපුරුදු වන්නේ, සාමුහික ව කටයුතු කිරීමේ කලාව බව අවධාරණය කළ ජනපති සඳහන් කළේ, එකාවන් ව සටන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයකට අවශ්‍ය සාමුහිකත්වය ගොඩනගාගත යුතු බව යි.

  1. මෙයා දැන් මරු කියවනවා.හොදම,දේ ඉවත්වී මව් රටට යෑමයි.ඔය හොදටම ෆේල් මහත්තයෝ .දැන් ඇටි පිස්සු කෙලියා.දැන් රටට වැටෙන්න තැනක් ඉතුරු වෙලා නෑ.ගුටි නොකා මාරුවෙලා පලයං.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු රන්ගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15
Video thumbnail
සාගරට එරෙහිව ස්වාමීන් වහන්සේලාගෙන් පැමිණිල්ලක් - මහ ජනතාව කුපිත කිරීමේ වැඩක් මේ
04:51
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59