ජනතාව අපහසුතාවට පත්කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දඬුවම් තදවෙයි

ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කරන පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ඒ, අනුව පොලිස් ස්ථානවලට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මූලස්ථාන චක්‍රලේඛන සහ උපදෙස් පරිදි කටයුතු නොකළ පොලිස් නිලධාරීන් නවදෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි එම ඒකකය සඳහන් කළේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයක දී එම කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව ජනතා පැමිණිලි සම්බන්ධයෙන් මූලස්ථාන චක්‍රලේඛණ සහ උපදෙස් පරිදි කටයුතු නොකිරීමේ සිදුවීම් 125ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අතරින් සිදුවීම් 13 කට අදාළ චෝදනා සනාථ වීමත් සමඟ අදාළ පොලිස් නිලධාරීන් නවදෙනාට චෝදනා පත්‍ර ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවවාද පත්‍රිකා ලබා දී ඇති නිලධාරීන් සංඛ්‍යාව 19ක් බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
7
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?