ජනතාවට සහන සලසන්න පොහොට්ටුවෙන් ආණ්ඩුවට යෝජනා දහයක්

වර්තමානයේ ඇතිවෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා දහයක් රජයට ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (16) පෙරවරුවේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී මෙම්ක යෝජනා දහය ඉදිරිපත් කරනු ලැබුවා.

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියා.

ඒ, අනුව අඩු ආදායම්ලාභී පිරිස්, පාසල් දරුවන්, ගොවියන්, මධ්‍යම සහ කුඩා පරිමාණ කර්මාන්තකරුවන් මූලික කර ගනිමින් මෙම යෝජනා දහය සකසා තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා වන්නේ,

සකස් නොකළ ආහාර සහ ඖෂධ මත පනවා ඇති VAT බද්ද 0%ක් දක්වා මාස හයකට අඩු කිරීම.
වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුරවැසියන් සඳහා වන ඉතිරි කිරීම් ගිණුම්වල පොළි අනුපාතය 15% දක්වා වැඩි කිරීම.
ව්‍යාපාරවල VAT සීමාව වාර්ෂිකව ආදායම මිලියන 60 ඉක්මවා යන පරිමාවට නැවත සකස් කිරීම.

(දිනකට 100,000 ආදායමට තිබූ VAT සීමාව පෙර තිබූ සීමාව වන 200,000 දක්වා වැඩි කිරීම)
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණයදීම් සඳහා රුපියල් බිලියන 300ක ඇපකර අරමුදලක් රජය විසින් නිර්මාණය කළ යුතුයි.
පාසල් දරුවන්ගේ ආහාරවේල සඳහා දරුවෙකුට ආහාර වේලකට දෛනික ප්‍රතිපාදනය රුපියල් 110 සිට රුපියල් 310 දක්වා වැඩි කිරීම
.
ශ්‍රී ලංකාවේ විදේශ ආදායම් බද්ද 0% දක්වා අඩු කිරීම.
විදේශ රැකියාවල නිරතවන පුද්ගලයන් ලංකාව වෙතඑවන ප්‍රේෂණ, මහබැංකුවේ ලියාපදිංචි බැංකුවක් හරහා එවීමේ දී එය අගය කිරීමක් කොට සලකා විශේෂ සැලකිල්ලක් ලබාදීම.
පවතින උද්ධමනයට සාපේක්ෂව රාජ්‍ය සේවයට 5%ක වැටුප් දීමනාවක් සහ 2026 මාර්තු 01 පසුව සංශෝධනය නොවූ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව වත්මන් ඉන්ධන මිලට සාපේක්ෂව යාවත්කාලීන කිරීම.
කුඩා පරිමාණ ගොවි පවුල් මිලියන 2.1ක් සහ වතු අංශය ආවරණය වන පරිදි කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 3,000කට ලබාදීම.

ධීවරයින් සඳහා ඉන්ධන ලීටරයකට රුපියල් 150ක සහනාධාරයක් ලබාදීම.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට යකා නගියි - බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - විසිගානක් මැ#ලා මේකට කවුද වග කියන්නේ ?
10:34
Video thumbnail
ඩෙංගු සොයා මහ රෑටත් ගෙවල් ගාණේ යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
06:57
Video thumbnail
ආරක්ෂක නිලධාරීන්ට ඩබල් සැලියුට් - මේකෙන් දේශපාලනය කරන්න එපා
03:04
Video thumbnail
මීගමුව සිද්ධිය පාවිච්චි කරලා දේශපාලන වාසි ගන්න එපා
09:40
Video thumbnail
බන්ධනාගාරයට පිටතින් අනුබල ලැබුණද ? නලින්ද සියල්ල හෙළිකරයි - නීතිය ක්‍රියාත්මක කරනවා
04:57
Video thumbnail
බන්ධනාගාර ගැටුමේ පිටුපස ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
13:41
Video thumbnail
වෙ# තියපු නිලධාරියාව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරන්න
04:40
Video thumbnail
මම කළින් ගිහින් රැඳවියන් ඔක්කොම එක්ක කතා කළා - එයාලා මගේ අණට කීකරු වෙලා හිටියේ
07:34
Video thumbnail
ජුලම්පිටියේ අමරේ එක්ක ළඟින් ඉන්න නාමල් රාජපක්ෂගේ ඡායාරූපය මෙන්න
00:31
Video thumbnail
ෆොටෝ එකක් පෙන්නලා වටගල, නාමල්ට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:24