ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ

හෙට (06) පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි, මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව අද (05) පස්වරුව වනවිට සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කර අවසන් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අද (05) සහ හෙට (06) යන දින දෙක තුළ සියලුම පාසල්වලට නිවාඩු ලබා දී තිබෙනවා.

ඒ, අනුව පාසල් යළි විවෘත කිරීම ලබන 07 වනදා සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (06) උදෑසන 7.00 ට ආරම්භ වනවා.

දිවයින පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 13,759ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත් වෙනවා.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද දායකයින් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හයදහස් තුන්සීය තිස් අටදෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

පිළිගත් දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් නියෝජනය කරමින් මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 75,589ක්.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53