AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇරඹෙයි

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මුද්‍රණ කටයුතුවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම ඡන්ද පත්‍රිකාවල පළමු කාණ්ඩය, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ.

මෙවර ජනාධිපතිවරණ නිල ඡන්ද පත්‍රිකාව අඟල් 28ක් දිගින් යුක්ත වනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 2024 සැප්තැම්බර් 02 වැනි දින තැපැල් දෙපාර්තමේන්තුවට වෙත භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන්නේ 2024 සැප්තැම්බර් 08 වන දිනය මැතිවරණයට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ ,අනුව ඡන්ද දැන්වීම් පත්‍රිකා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් (17,140,354) මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලියේ වඩාත් සුජාත භාවයක් තිබිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

මෙහිදී මාධ්‍ය කටයුතු කරන ආකාරය ඉතා වැදගත් සාධයක් වන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?