ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇරඹෙයි

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මුද්‍රණ කටයුතුවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම ඡන්ද පත්‍රිකාවල පළමු කාණ්ඩය, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ.

මෙවර ජනාධිපතිවරණ නිල ඡන්ද පත්‍රිකාව අඟල් 28ක් දිගින් යුක්ත වනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 2024 සැප්තැම්බර් 02 වැනි දින තැපැල් දෙපාර්තමේන්තුවට වෙත භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන්නේ 2024 සැප්තැම්බර් 08 වන දිනය මැතිවරණයට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ ,අනුව ඡන්ද දැන්වීම් පත්‍රිකා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් (17,140,354) මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලියේ වඩාත් සුජාත භාවයක් තිබිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

මෙහිදී මාධ්‍ය කටයුතු කරන ආකාරය ඉතා වැදගත් සාධයක් වන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14