AFC Banner
Empty Ad
Empty Ad

ඡන්දයට නාම යෝජනා දුන් අපේක්ෂකයින් ගැන උසාවියෙන් තීන්දුවක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් භාවිතා කිරීමට ඉඩ නොදෙන ලෙස රජයේ ආයතන හා එහි ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන උපදෙස් මාලාව අනුව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම ජූලි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසිනුයි මෙම පෙත්සම යොමු කරනු ලැබුවේ.

මෙම පෙත්සම අද (12) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියම කළේ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 03 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කෙරුණා.

නීතිඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දී තිබෙන අපේක්ෂකයින්ට සංවර්ධන වැඩ කටයුතුවලට අදාළව රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස රාජ්‍ය ආයතන සහ ඒවායේ ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඉකුත් මැයි මස 07 වනදා ජනාධිපති ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇති අතර මෙම කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එහෙත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් රැසක්ම පළාත් ප්‍රජා කමිටුවල සාමාජිකයින් වශයෙන් කටයුතු කරන හෙයින් ඔවුන් විසින් රාජ්‍ය සම්පත් භාවිතා කිරීම නොවැළැක්විය හැකි තත්ත්වයක් උදා වී තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛනයට අනුකූල ව කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇති බවත් අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?