ඡන්දදායකයින්ට මැතිවරණ කොමිසමෙන් සහනයක් (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින්ට තමට නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතිපාදන හඳුන්වා දී තිබෙනවා.

ඊයේ (26) දිනයේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කළා.

ඒ, අනුව සුදුසුකම් ලත් ඡන්දදායකයින්ට තමන් නියමිත මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ සැලකිල්ලක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිය හැකියි.

මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ කාර්යාලවලින් අයදුම්පත් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.

එලෙස ලබා ගන්නා අයදුම්පත් සම්පූර්ණ කර අගෝස්තු 01 වැනිදා හෝ ඊට පෙර රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත ලබාදිය යුතු වනවා.

සෑම අයදුම්පතක්ම අයදුම්කරුගේ නේවාසික ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී නිලධාරීන් විසින් සහතික කළ යුතුයි.

මෙම සහතිකය නොමැති අයදුම්පත් වලංගු නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

2024 ඡන්ද විමසීම් සඳහා වලංගු ඒකාබද්ධ ඡන්ද ලැයිස්තුවේ තොරතුරු අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම්පත් තුළ ඇතුළත් කළ යුතු බව ගැසට් පත්‍රයේ සඳහන්.

මෙම තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් හෝ මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.election.lk වෙතින් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

WhatsApp Image 2024 07 27 at 12.25.51 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?