චෙක්පත් මඟින් ගනුදෙනු කිරීමේ දී සිදුවන වංචා, අක්‍රමිකතා හේතුවෙන් මෙරට ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂ විසින් මෙම කමිටුව පත්කර ඇති බව සඳහන්.
මෙම කමිටුවේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන පතක්ර ඇති බවයි වාර්තා වුණේ.
දැනට පවතින විනිමය බිල්පත් ආඥා පනත 1927 වසරේදී සකස් කළ පනතක් වන අතර, ඒ අනුව එම පනත සංශෝධනය කිරීමට නියමිතයි.
මෙලෙස පත්කළ විශේෂඥ කමිටුව විසින් සති දෙකක කාලයක් තුළ මේ පිළිබදව පවතින දේශිය හා ජාත්‍යන්තර නීතිමය තත්ත්වයන් පිළිබදව අධ්‍යනය කරමින් නීති සංශෝධනය විය යුතු අකාරය පිළිබදව වාර්තාවක් සකස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
චෙක්පත් මඟින් ගණුදෙනු කිරීමේ දී සිදුවන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් සම්බන්ධ පවතින නීති සංශෝධනය කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.




