ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුරට යළිත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට නියමිත බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඉන්දික ද සේරම්, හේමන්ත වික්‍රමරත්න, විනෝදන් ජෝන් සහ තරංග පරණවිතාන යන අය තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස පත් කිරීමට නියමිත බව සඳහන්.

උපුල් තරංග සභාපති ධුරය දැරූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාල අවසන්වීම හේතුවෙන් නව තේරීම් කමිටුවක් මෙලෙස පත් කිරීමට නියමිතයි.

2021 අප්‍රේල් මාසයේදී ප්‍රථම වරට ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කෙරුණු අතර, 2023 පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ලැබූ බලාපොරොත්තු සුන් කරවනසුලු පරාජයෙන් පසු ඉන් ඉවත් කෙරුණා.

  1. මේ ගොබ්බය නැතුව හරියට වැඩේ කරන්න පුළුවන් එකෙක් මේ රටේ නැද්ද ?
    මුන් දෙන්න මාරුවෙන් මාරුවට ක්‍රිකට් කනව වගේ පෙන්නේ.
    ඇත්තටම මූට තියෙන සුදුසුකම මොකක්ද තේරීම් කමිටුවේ ප්‍රධානියා වෙන්න. ??