AFC Banner
Empty Ad
Empty Ad

චූටි උක්කුගේ කුඩු වික්ක කතක් STF අත්අඩංගුවේ

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවක් වන රාජපක්ෂ අතුකොරළගේ කාරියප්පෙරුම නුවන් සංජීව නොහොත් ‘චූටි උක්කු’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මේ වන විට විදෙස්ගතව සැගවී සිටින සමිත්පුර මයුර නැමැත්තා විසින් මෙහෙයවනු ලබන මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේ ඊයේ (19) සිදුකළ වැටලීමක දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් සහ මත් ජාවාරමෙන් උපයාගත් මුදල් ද සොයා ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකාරිය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 270ක් සහ රුපියල් 512,500ක් මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?