චීන සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් හෙට දිවයිනට

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් හෙට (31) රාත්‍රියේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

එම එන්නත් මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වුණා.

එමෙන්ම, අදාළ එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

චීන සිනොෆාම් කොරෝනා එන්නත් මේ වන විට ලොව රටවල් රැසක් භාවිත කරන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාවිතයෙන් සියයට 86ක ශක්‍යතාවක් පෙන්නුම් කළා.

එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ නිෂ්පාදනය කිරීමට ද පියවර ගනිමින් සිටිනවා.

ජල්ෆාර් හෙවත් ගල්ෆ් ඖෂධ කර්මාන්ත ආයතනය ප්‍රකාශ කළේ අබුඩාබි හිදී ලබන මාසයේ සිට එම එන්නත නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවයි.

මේ අතර, මාත්‍රා දෙකකින් සමන්විත චීන සිනොෆාම් එන්නතට අතිරේක වර්ධක මාත්‍රාවක් ලබාදිය යුතු ද යන්න පිළිබදව සිනොෆාම් ආයතනය පර්යේෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

විශේෂයෙන් කොරෝනා එන්නතේ විකෘති මාදිලිවලට එරෙහිව එවැනි වර්ධකයක් ලබාදීම වැදගත් වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.  

මේ අතර, ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 215ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම මරණ 05ක් ද ඊයේ (29) දිනයේ වාර්තා වූ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 566 දක්වා ඉහළ ගියා.

යාපනය දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම ඊයේ දිනයේත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 26 ක් වාර්තා වී ඇති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආරුමුගම් කේදීස්වරන් සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?