විදෙස් රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති ලින් සොන්ග්ටියෑන් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ඔහු ඊයේ (12) දිනයේ දිවයිනට පැමිණි බවයි.
දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.
අති සාර්ථක තානාපතිවරයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ලින් සොන්ග්ටියෑන් අප්‍රිකානු කලාපය සහ චීනය අතර සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා සිය උපරිම දායකත්වය දැක්වූ චීන තානාපතිවරයා ලෙසයි සැලකෙන්නේ.
ඔහුගේ මෙම සංචාරය තුළදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද සඳහන්.
ඔහු ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හමුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතයි.




