AFC Banner
AFC Banner
Empty Ad

චීන නැවේ අර්බුදයට හේතුව මෛත්‍රී පහදයි

ලෝකයේ සෑම රටක්ම මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මේ වනවිට ඇති වී තිබෙන යුවාන් වැන්ග් 05 චීන පර්යේෂණ නෞකාවේ අර්බුදය විදේශ ප්‍රතිපත්තිවල පැවති වැරදි හේතුවෙන් ඇති වූවක් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

තම පාලන කාලය තුළ සෑම රටක් සමඟම මිත්‍රශීලීව ගනුදෙනු කළ බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා විදේශ ප්‍රතිපත්තිය තුළ කිසිඳු ගැටළුවක් ඇතිකර නොගත් බවයි සඳහන් කළේ.

ඒ, අනුව මේ වනවිට හටගෙන ඇති චීන නෞකාව පිළිබඳ අර්බුදය විසඳා ගැනීමට, ශ්‍රී ලංකා ආණ්ඩුව කල්පනාකාරීව කටයුතු නොකළ හොත් චීනය සමඟ පවතින මිත්‍ර සම්බන්ධතා නැතිව යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?