චීන තානාපති සහ කතානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂිී ෂෙන්හොන්ග් සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර (01) සිදුවුණා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර ද එක්ව සිටියා.

මෙම හමුවේදී චීන තානාපතිවරයා විසින් මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලෙජිගේ (මහජන චීන සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුවේ කථානායක) නව වසර සඳහා වන සුබ පැතුම් පණිවුඩය
කථානායකවරයා වෙත ලබා දුන්නා.

නව වසරට සුබ පැතුම් එක් කරමින් තානාපතිවරයා දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව පවත්වා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළා.

විශේෂයෙන්ම හුවමාරු වැඩසටහන් හරහා ඉදිරියේ දී දෙරටේ ව්‍යවස්ථාදායක අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා.

මෙහිදී අදහස් දක්වමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, පොළොන්නරුවේ චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස තම අත්දැකීම් සිහිපත් කළ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලබා දී ඇති චීන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කෘතඥතාව පළ කළා.

දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දසවැනි පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයාගේ පළමු චීන නිල සංචාරය සඳහා පවතින සූදානම පිළිබඳව ද තානාපති ෂිී ෂෙන්හොන්ග් කරුණු දැක්වුණා.

මෙම ඓතිහාසික නිල සංචාරය, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවිමට වැදගත් වනු ඇති බව තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?