කොහුවල පොලිස් වසමේ පිහිටි Kent Residence නිවාස සංකීර්ණයේ නිවසක කුලී පදනම මත පදිංචිව සිටි චීන ජාතික කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.
පසුගිය 23 වනදා මෙම අපරාධය සිදුකර ඇත්තේ ඝාතනයට ලක්වූ චීන ජාතික කාන්තාවගේ හිටපු පෙම්වතා බවට අනවරණය වී ඇති අතර, WANG HUIYIN නැමැති ඔහු වයස අවුරුදු 26ක පුද්ගලයෙක්.
සැකකරුගේ වම් අතේ ඇඟිළි තුවාල වී මැහුම් දමා ඇති බව පවසන පොලිසිය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංකය EE6791329/ER3805969 බව දැනුම් දෙනවා.
මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ස්ථානාධිපති / කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය – ගල්කිස්ස – 071-8596408
ස්ථානාධිපති / පොලිස් ස්ථානය කොහුවල – 071-8591669













