චීන කොරෝනා එන්නතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිත කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

ඒ, රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණේ සභාපති ලුවිස් බෙනඩික් ඇතුළු තුන්දෙනෙකු විසින්.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා ඇතුළු 24 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

සිනොෆාම් එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නිසි පරිදි ලැබී නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර පාර්ශවය අනුමැතියකින් තොරව මෙම එන්නත භාවිතයට ගැනීමෙන් දැඩි අගතියක් සිදුවිය හැකි බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර, අද දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 112 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 228 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිත අතර, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 91,272ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?