චීන ෂීසෑං ( Xizang ) කළාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික වෑන් ජුන්ෂෙන්ග් ( Wang Junzheng ) ප්‍රමුඛ එම පක්ෂයේ උසස් නිලධාරීන් පිරිසක් දෙදින නිල සංචාරයක් සදහා අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියා.
ඔවුන් ශ්‍රී ලංකාවේ අපදාවට ලක් වී ඇති ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ආපදා සහන මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කිරීමට ද , මෙරට රජයේ උසස් රාජතාන්ත්‍රිකයන් හමුවී මේ පිළිබද වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
මෙම චීන දූත පිරිස අද (23) දින උදෑසන 09.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 319 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං ( Qi Zhenhong ) ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.














