චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් හා ජාතික ජන බලවේගය අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් අද (23) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එම පක්ෂයේ ප්‍රධානීන් හමුවුණා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී මෙම හමුව සිදු වූ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් මෙම හමුවට එක්ව සිටියා.

ජාතික ජනබලවේගයේ ජාතික විධාය සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති යන අයද මේ සඳහා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

වත්මන් දේශපාලන තත්ත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්ත්වයන් පිළිබදව මෙම හමුවේ දී දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරුණා.

මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ සූදානම, ඒ සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් මෙහිදී පෙන්වා දුන්නා.

ජාතික ජන බලවේගය දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් වර්ධනය වෙමින් මහජනතාවගේ ජනප්‍රියත්වය හා ආකර්ෂණය අත් කර ගැනීමේ දී අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව චීන දූත පිරිසේ අවධානය යොමු වුණා.

විවිධ ජන කණ්ඩායම්, සමාජ ස්ථරයන් හා විදේශගත ලාංකිකයින් සමඟ පවතින සම්බන්ධතාවයන්, රට ගොඩනැගීමේ දී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති, පක්ෂ ව්‍යුහයන් මහජනතාව සමඟ පවතින සංවාදය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයෝ චීන දූත පිරිසට අවධාරණය කළා.

චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සමාජ සංස්කෘතික සබඳතා හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තවදුරටත් වර්ධනය කර ගැනීම හා ආර්ථිකය සංවර්ධනය කිරීමේ දී එම සබඳතා යොදාගත හැකි ආකාරය පිළිබඳවත් දෙපාර්ශ්වය අතර වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34