චීන ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකාවට සුබ පැතුම්

පසුගියදා චීනයේ හොංෂු නුවර පැවැති 19 වන ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ආරාධනා ලැබ සහභාගී වූ  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ හා චීනයේ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය (චීන රජයේ ක්‍රීඩා පරිපාලනයේ උප සභාපති මෙන් ම චීන ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති) ලී යින්ග් චුවාන් අතර හමුවක් චීනයේ හොංෂු නුවර දී පැවැත්වුණා.

මෙම හමුවේදී දෙරට අතර ඇති සබඳතා පිළිබඳ ව සුහද ව සාකච්ඡා කළ අතර, ඉදිරියටත් එම සබඳතා වැඩි දියුණු කර ගැනීම කෙරෙහි අවධානය යොමු වුණු බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ.
 

මෙම ක්‍රීඩා උලෙළේ දී සත්කාරකත්වය දරන චීනය වැඩි පදක්කම් ප්‍රමාණයක් ලබාගෙන ඉහළ දක්ෂතා දක්වමින් කලාපයේ පළමු තැනට පත්වීම පිළිබඳ ව චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ඒ සඳහා කැප වූ නිලධාරීන්ට හා චීන රජයට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සුබ පැතුම් එක් කළා.

එයට ස්තුතිය පළ කළ ලී යින්ග් චුවාන් අමාත්‍යවරයා අතිශය තරගකාරී මීටර් 800 ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් ලබා ගැනීම ආකර්ණීය මෙන්ම විශිෂ්ට බවයි පෙන්වා දුන්නේ.

මින් පෙර අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනයේ පුහුණු අවස්ථාවන් ලබා දුන් බව ද එහි දී ඔහු සිහිපත් කළා.
 
වසර 21කට පසුව ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳ ව නිහතමානී ව තමන් සතුටු වන බවත්, ඉතා අවම පහසුකම් යටතේ මෙම ජයග්‍රහණය ලබාගත් බවත්, වඩා විධිමත් පුළුල් සහයෝගයක් ඉදිරියේ දී මෙම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීමට තමා ඇතුළු කණ්ඩායම පියවර ගන්නා බවත් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
 
රට තුළ මූල්‍ය අර්බුදයක් පැවතිය ද කළ හැකි උපරිමය ක්‍රීඩාව වෙනුවෙන් ඉටු කළ බවත්, ලබාදෙන මුදල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ම යොදා ගන්නා ලෙසත් මෙරට ක්‍රීඩා සංගම් හා සම්මේලන වෙත උපදෙස් ලබා දුන් බවයි මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34