චීන ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකාවට සුබ පැතුම්

පසුගියදා චීනයේ හොංෂු නුවර පැවැති 19 වන ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ආරාධනා ලැබ සහභාගී වූ  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ හා චීනයේ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය (චීන රජයේ ක්‍රීඩා පරිපාලනයේ උප සභාපති මෙන් ම චීන ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති) ලී යින්ග් චුවාන් අතර හමුවක් චීනයේ හොංෂු නුවර දී පැවැත්වුණා.

මෙම හමුවේදී දෙරට අතර ඇති සබඳතා පිළිබඳ ව සුහද ව සාකච්ඡා කළ අතර, ඉදිරියටත් එම සබඳතා වැඩි දියුණු කර ගැනීම කෙරෙහි අවධානය යොමු වුණු බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ.
 

මෙම ක්‍රීඩා උලෙළේ දී සත්කාරකත්වය දරන චීනය වැඩි පදක්කම් ප්‍රමාණයක් ලබාගෙන ඉහළ දක්ෂතා දක්වමින් කලාපයේ පළමු තැනට පත්වීම පිළිබඳ ව චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ඒ සඳහා කැප වූ නිලධාරීන්ට හා චීන රජයට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සුබ පැතුම් එක් කළා.

එයට ස්තුතිය පළ කළ ලී යින්ග් චුවාන් අමාත්‍යවරයා අතිශය තරගකාරී මීටර් 800 ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් ලබා ගැනීම ආකර්ණීය මෙන්ම විශිෂ්ට බවයි පෙන්වා දුන්නේ.

මින් පෙර අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනයේ පුහුණු අවස්ථාවන් ලබා දුන් බව ද එහි දී ඔහු සිහිපත් කළා.
 
වසර 21කට පසුව ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳ ව නිහතමානී ව තමන් සතුටු වන බවත්, ඉතා අවම පහසුකම් යටතේ මෙම ජයග්‍රහණය ලබාගත් බවත්, වඩා විධිමත් පුළුල් සහයෝගයක් ඉදිරියේ දී මෙම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීමට තමා ඇතුළු කණ්ඩායම පියවර ගන්නා බවත් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
 
රට තුළ මූල්‍ය අර්බුදයක් පැවතිය ද කළ හැකි උපරිමය ක්‍රීඩාව වෙනුවෙන් ඉටු කළ බවත්, ලබාදෙන මුදල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ම යොදා ගන්නා ලෙසත් මෙරට ක්‍රීඩා සංගම් හා සම්මේලන වෙත උපදෙස් ලබා දුන් බවයි මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?