චීන ඇමරිකා යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි වසර දෙක තුළ එක්සත් ජනපදය චීනයට එරෙහිව සටන් කරනු ඇති බවට එක්සත් ජනපද ගුවන් හමුදා ජෙනරාල්වරයෙකු අනතුරු අඟවා තිබෙනවා.

පෙන්ටගනයේ නිලධාරීන් පැවසූ අදහස් අනුව ජෙනරාල්වරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇතත් එය ඇමරිකානු හමුදා නීතිවලට අනුකූල නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම ජෙනරාල්වරයාගේ අදහස ඇමරිකා ආරක්ෂක මුලස්ථානය නියෝජනය නොකරන නමුත් චීනය තායිවානය පාලනය කිරීමට ගන්නා උත්සාහයන් සම්බන්ධයෙන් එක්සත් ජනපද හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇතැයි සඳහන්.

එක්සත් ජනපදය සහ තායිවානය යන රටවල් දෙකම 2024 වසරේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට ද නියමිතයි.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පසුගියදා කියා සිටියේ තායිවාන් සමුද්‍ර සන්ධිය ආසන්නයේ චීන හමුදා ක්‍රියාකාරකම් ඉහළ නැංවීම එය ආක්‍රමණය කිරීමේ ආසන්න ලකුණක් බවට තමා සැක කරන බවයි.

චීනය විසින් තායිවානය මත මෑත වසරවලදී සිය රාජ්‍යතාන්ත්‍රික, මිලිටරි සහ ආර්ථික පීඩනය වැඩි කර ඇති අතර තායිවාන රජය පවසන්නේ තමන්ට සාමය අවශ්‍ය නමුත් ප්‍රහාරයක් එල්ල වුවහොත් තමන් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32