චීන ඇමරිකා යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි වසර දෙක තුළ එක්සත් ජනපදය චීනයට එරෙහිව සටන් කරනු ඇති බවට එක්සත් ජනපද ගුවන් හමුදා ජෙනරාල්වරයෙකු අනතුරු අඟවා තිබෙනවා.

පෙන්ටගනයේ නිලධාරීන් පැවසූ අදහස් අනුව ජෙනරාල්වරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇතත් එය ඇමරිකානු හමුදා නීතිවලට අනුකූල නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම ජෙනරාල්වරයාගේ අදහස ඇමරිකා ආරක්ෂක මුලස්ථානය නියෝජනය නොකරන නමුත් චීනය තායිවානය පාලනය කිරීමට ගන්නා උත්සාහයන් සම්බන්ධයෙන් එක්සත් ජනපද හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇතැයි සඳහන්.

එක්සත් ජනපදය සහ තායිවානය යන රටවල් දෙකම 2024 වසරේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට ද නියමිතයි.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පසුගියදා කියා සිටියේ තායිවාන් සමුද්‍ර සන්ධිය ආසන්නයේ චීන හමුදා ක්‍රියාකාරකම් ඉහළ නැංවීම එය ආක්‍රමණය කිරීමේ ආසන්න ලකුණක් බවට තමා සැක කරන බවයි.

චීනය විසින් තායිවානය මත මෑත වසරවලදී සිය රාජ්‍යතාන්ත්‍රික, මිලිටරි සහ ආර්ථික පීඩනය වැඩි කර ඇති අතර තායිවාන රජය පවසන්නේ තමන්ට සාමය අවශ්‍ය නමුත් ප්‍රහාරයක් එල්ල වුවහොත් තමන් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?