චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික, ආයෝජන සහ සංස්කෘතික සබඳතා වර්ධනයට පියවර (ඡායාරූප)

චීන ශ්‍රී ලංකා ආර්ථික, ආයෝජන සහ සංස්කෘතික සබඳතා වර්ධනයට පියවර ගෙන තිබෙනවා.

ඒ අද අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන ජනාධිපති ෂී ජින් පිං, රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත පිරිස හමු ව සාකච්ඡා කිරීමෙන් පසුවයි.

ශ්‍රී ලංකාව වෙත චීනය ලබාදෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ විශාල හැකියාවක් පවතින බවත්; මෑත කාලීන ණය අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහායට ස්තුතිවන්ත වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැමිණ සිටි විදේශීය අමුත්තන් අමතමින් ප්‍රකාශ කළා.

සෘජු පෞද්ගලික ආයෝජන මෙන් ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජන සහ අපනයනය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර සඳහා ආයෝජන මෙන් ම, පවතින ආර්ථික ප්‍රශ්නවලට දිගුකාලීන විසඳුම් ලබාදීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනයට චීනයෙන් ලැබෙන්නා වූ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරමින් කියා සිටියේ.

ශ්‍රී ලංකාවට පමණක් නොව අනෙකුත් ණය දෙන රටවලට සහ ජාත්‍යන්තර නියෝජිත ආයතනවලට චීනයේ සහයෝගය ලැබීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා විශ්වාසයක් ලබා දී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සමස්ත චීන කාන්තා සම්මේලනයේ සභාපතිනිය ද වන විශේෂ නියෝජිත ෂෙන් යිකින් මහත්මිය පැවසුවේ, ශ්‍රී ලංකාව චීනයේ සමීපත ම මිතුරෙකු ලෙස සලකන බවත්, සහයෝගීතාව මෙන් ම නව ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමටත්, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්, අධ්‍යාපනය සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර පුළුල් කිරීමටත් සිය චීන රජය බලාපොරොත්තු වන බවයි.

දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දැකීමෙන් චීනය සතුටට පත්වන බව පැවසූ චීන රාජ්‍ය මන්ත්‍රීවරිය ආර්ථික අභියෝගවලට මුහුණදීමේ ප්‍රයත්නයන් සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ද සහතික කළා.

ජාත්‍යන්තර සමුළුවල දී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහාය දැක්වීමේ චීන ස්ථාවරය පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ සඳහනක් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වාධීනත්වය, ස්වෛරීභාව සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් චීනය සැමවිටම පෙනී සිටින බවයි.

මෙම හමුවේ දී දීර්ඝකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ චීන තානාපති කිව් ෂෙන් හොං (Qi Zhenhong) මහතා ආගමික බැඳීම්වල කල් පවත්නා සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාව ළඟදීම ඉදිකිරීමට චීනය යෝජනා කරන බව ද කියා සිටියා.

මෙම අවස්ථාවට චීන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙණිපිටිය, යදාමිණි ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ද සොයිසා, මංජුලා දිසානායක, කෝකිලා ගුණවර්ධන, සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ.

WhatsApp Image 2023 11 20 at 17.59.31
WhatsApp Image 2023 11 20 at 17.59.32
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40