චීනය සමග ව්‍යාපාර කිරීම භයානකයි – ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවීමක්

බ්‍රිතාන්‍යය, බීජිං සමඟ ව්‍යාපාර කටයුතුවල යෙදීම භයානක බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අගමැති කියර් ස්ටාර්මර් සිකුරාදා චීනයේ කළ සංචාරයකදී දෙරට අතර සබඳතා නැවත ස්ථාපිත කිරීමේ ආර්ථික ප්‍රතිලාභ අගය කළා.

ට්‍රම්ප්ගේ අනපේක්ෂිත බවෙන් බටහිර නායකයින් කම්පනයට පත්ව ඇති මොහොතක ස්ටාර්මර් චීනයට යන නවතම පුද්ගලයා යි.

බ්‍රහස්පතින්දා ජනාධිපති ෂී ජින්පින් සමඟ පැය තුනක සාකච්ඡාවලදී, බ්‍රිතාන්‍ය නායකයා වැඩිදියුණු කළ වෙළඳපල ප්‍රවේශය, අඩු තීරුබදු සහ ආයෝජන ගනුදෙනු සමඟ “වඩාත් සංකීර්ණ සම්බන්ධතාවයක්” ඉල්ලා සිටි අතර පාපන්දු සහ ෂේක්ස්පියර් ගැන ද සාකච්ඡා කළා.

කෙසේ වෙතත්, වොෂින්ටනයේදී, සමීප සබඳතා පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවසුවේ, “හොඳයි, ඔවුන් එසේ කිරීම ඉතා භයානකයි” යනුවෙනි.

කෙනඩි මධ්‍යස්ථානයේ “මෙලනියා” චිත්‍රපටයේ මංගල දර්ශනයට පෙර ඔහු වාර්තාකරුවන්ට හමුවේ මේ බව පැවසු නමුත් ඔහු සිය ප්‍රකාශය වැඩදුර විස්තර කළේ නැහැ.

අප්‍රේල් මාසයේදී චීනයට යාමට සැලසුම් කරන ට්‍රම්ප්, අගමැති මාර්ක් කාර්නි මෑත සංචාරයකදී බීජිං සමඟ ආර්ථික ගිවිසුම් ඇති කර ගැනීමෙන් පසු කැනඩාවට තීරුබදු පනවන බවට පසුගිය සතියේ තර්ජනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48