චීනය නිසා IMF ණය කල් යයි ?

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ලබා දෙන බව කියන කාලය ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ චීනය එකඟතාවකට නොපැමිණීම හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ මූල්‍ය පහසුකම ලබා ගැනීමට තවත් කල්ගත වනු ඇති බවයි.

චීනය ප්‍රකාශ කර ඇත්තේ ණය ගෙවීම වෙනුවෙන් වසර දෙකක සහන කාලයක් ලබාදෙන බවයි.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ලබාදෙන බව කියූ අවුරුදු දෙකෙන් එක් වසරක් මේවන විට ද ගෙවී අවසන් වී ඇති බවයි.

ඒ අනුව මෙම වසර අවසානයේ හෝ ලබන වසර ආරම්භයේදී ම ණය නැවත ගෙවිය යුතු බවයි ඔහු කියාසිටියේ.

චිනය සමඟ ඍජුව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට රජය විසින් කටයුතු කළ යුතු බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.

චීනයෙන් ලැබී ඇති සහාය ඉතා අඩු මට්ටමක පවතින අතර එය තවදුරටත් පැවතිය හොත් ශ්‍රී ලංකාවට ණය ලබාගැනීමේ වැඩසටහන තවදුරටත් කල් යනු ඇති බවයි මහාචාර්යවරයා කියාසිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ශ්‍රී ලංකාවට දන්වා ඇත්තේ ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය රඳා පවතින බවයි.

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳව විශේෂ දැනුම්දීමක් සිදුකරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ බව දැනුම් දි තිබුණා.

ඉන්දියාව ලබා දුන් සහතිකය අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සඳහා පැරිස් සමාජය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා පැවසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවයන් ලැබුණු විගස විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාවය, අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රමාණවත් සහතික ලබාගෙන ඉතිරි අවශ්‍යතා සපුරාගත් විගස, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?