චීනයේ ළදරු පාසලක පිහි ඇනුමක් – 06ක් මරුට

ගිනිකොනදිග චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ ළදරු පාසලක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බව වර්තා වනවා.

මෙම පිහි අනුමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ.

කුඩා ළමුන් තිදෙනෙක්, ගුරුවරයෙක් සහ දෙමව්පියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් අතර සිටිනවා.

අපරාධය සිදුකළ 25 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

මෙම ප්‍රහාරය එරට වේලාවෙන් අද (10) උදෑසන 07:40ට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?