චීනයේ රිය අනතුරකින් 19ක් මරුට

චීනයේ සිදු වූ දරුණු රිය අනතුරක් හේතුවෙන් 19 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරනවා.

එරට වේලාවෙන් අද අලුයම 1ට පමණ ජියැන්ග්ෂි පළාතේ නන්චාන්ග් නගරයේදී මෙම රිය අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට අනතුරට හේතුව සෙවීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ අධික මීදුමක් එම ප්‍රදේශයේ තිබී ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් පිටත්ව යාමට පැමිණි පිරිසක් චීනයේ සිරිත් විරිත්වලට අනුව මළවුන් වෙනුවෙන් පුජාවක් අනතුර සිදු වූ ස්ථානයේ සිට පවත්වා ඇති අතර ට්‍රක් රථයක් එම පිරිසගේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි චීන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මියගිය සහ තුවාල ලැබූ බොහෝ දෙනා එම අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට යෑමට පැමිණි පුද්ගලයන් බව ද සඳහන්.

මාර්ග අනතුර පිළිබඳ තොරතුරෙන් පසු නන්චැං ප්‍රාන්ත රථවාහන පොලිසිය රියදුරන්ට උපදෙස් දී ඇත්තේ ප්‍රදේශයේ මීදුම පවතින බවින් සැලකිලිමත් වන ලෙසටයි.

දැඩි ආරක්ෂිත පාලනයක් නොමැතිකම හේතුවෙන් චීනයේ මාර්ග අනතුරු බහුලව දක්නට ලැබෙනවා.

පසුගිය මාසයේ, මධ්‍යම චීනයේ අධිවේගී මාර්ගයක දී වාහන සිය ගණනක අනතුරට ලක්වූ අතර එක් පුද්ගලයෙක් මරණයට පත්වුණා.

සැප්තැම්බර් මාසයේදී, නිරිතදිග Guizhou පළාතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත ආසාදිතයන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අධිවේගී මාර්ගයක පෙරලීමෙන් මගීන් 27 දෙනෙකු මරණයට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34