චීනයේ බෝට්ටු අනතුරකින් 10ක් ජීවිතක්ෂයට

චීනයේ ගිනිකොන දිග ප්‍රදේශයේ දී සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් ලක්වීමෙන් පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් තවත් 70 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

Qianxi නගරයේ ගංගාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවේ පුද්ගලයින් 84 දෙනෙකෙු ගමන් කර ඇතැයි ෂිංහුවා වාර්තා කළා.

මැයි දිනය වෙනුවෙන් වූ දින පහක නිවාඩුව අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට පත් වූවන් මුදා ගැනීම සඳහා සියලු පියවර ගන්නා ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං උපදෙස් ලබා දී ඇතැයි ෂිංහුවා වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?