AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ පාසල් බස් රථයක් පිරිසක් අතරට කඩා වැදී දරුණු අනතුරක් – 11ක් මිය ගිහින්

චීනයේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩා වැදීමෙන් අද (03) දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

චීනයේ ෂැන්ඩොං පළාතේ සිදු වූ මෙම අනතුරින් සිසුන් පස් දෙනෙක් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වුණේ.

තායියාන් නගරයේ පාසලක ගේට්ටුවෙන් පිටත සිසුන් සහ දෙමාව්පියන් පිරිසක් සිටගෙන සිටිය දී බස් රථය ඔවුන් අතරට කඩා වැදී ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර, රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙය හිතාමතා සිදු වූවක් ද යන්න පැහැදිලි නොමැති අතර, සිධිය සම්බන්ධයෙන් පරීක්ෂක පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?