AFC Banner
Empty Ad

චීනයේ ප්‍රබල භූමිකම්පාවක්

බටහිර චීනයේ කිර්ගිස්තාන් දේශසීමාව ආසන්නයේ රිච්ටර් මාපක 7.0ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූ කම්පනය සිදුවී ඇත්තේ චීනයේ වේලාවෙන් අලුයම 2:09ට බවයි එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සියේ දත්ත පෙන්වා දෙන්නේ.

භූ කම්පනයෙන් පසු පසු කම්පන කිහිපයක් ද සිදුව ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති චීන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

සෙල්සියස් අංශක 10ක් පමණ වූ ශීත කාලගුණයක් පැවති අලුයම සිදුවූ මෙම භූ කම්පනයෙන් ආරක්ෂාවීමට මිනිසුන් පැවති සීතල ද නොතකා ගොඩනැඟිලිවලින් පිටතට දිවගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?