චීනයෙන් තවත් ගුප්ත ඔමික්‍රොන් ප්‍රභේදයක් මතු වෙයි

ගුප්ත ඔමි­ෙක්‍රාන් වයිරසයක් හඳුනා ගැනීමත් සමඟ මිලියන 50ක ජනතාවක් සිටින ප්‍රාන්ත 13ක් යළි වසා දැමීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. මේ නව වයිරසය ජර්මනිය, දකුණු කොරියාව, හොංකොං ඇතුළු ලොව රටවල් ගණනාවකින් ද හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

බී.ඒ2 වර්ගයේ ඔමික්‍රෝන් වයිරසයේ අනු ප්‍රභේදයක් ලෙස ගුප්ත ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනා ගෙන තිබෙන අතර, නව කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු අගවා තිබේ.

එය පාලනය කිරීම ද අපහසු බවත් විශේෂයෙන් චීන සමාජය තුළ ස්වභාවික ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පවතින බැවින් වයිරසය පැතිරීම වේගවත් විය හැකි බවත් ඔවුහු කියා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?