චීටාවන් නැවත හඳුන්වා දීමේ වැඩපිළිවෙල ඵල දරමින් ඉන්දියාවේ චීටා උපතක්

ඉන්දියාවේ චීටාවන් නැවත හඳුන්වා දීමේ අභිලාෂකාමී උත්සාහයට විශාල තල්ලුවක් ලබා දෙමින් එරට පරිසර අමාත්‍යවරයා පැටවුන් තිදෙනෙකුගේ උපත නිවේදනය කළා.

ඒ අනුව ඉන්දියාවේ චීටා ගහනය දැන් 38 ක් දක්වා ඉහළ යනවා.

දකුණු අප්‍රිකානු චීටාවකට උපත ලැබූ කුඩා පැටවුන් තිදෙනාගේ ඡායාරූපයක් ද මාධ්‍යයට නිකුත් කෙරුණා.

ආසියානු චීටාවන් 1952 දී ඉන්දියාවේ වඳ වී ගොස් ඇති බව ප්‍රකාශ කරනු ලැබුවා.

මැදපෙරදිග, මධ්‍යම ආසියාව සහ ඉන්දියාව පුරා වරක් හමු වූ දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උප විශේෂ දැන් ඉරානයේ ඉතා කුඩා සංඛ්‍යාවකින් නොනැසී පවතිනවා.

ඔවුන්ගේ අප්‍රිකානු ඥාති සහෝදරයන් ප්‍රථම වරට 2022 සැප්තැම්බර් මාසයේදී නවදිල්ලියේ සිට කිලෝමීටර් 300 ක් දකුණින් පිහිටි කුනෝ ජාතික වනෝද්‍යානයට නැවත හඳුන්වා දෙනු ලැබුවා.

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2022 දී නැමීබියාවෙන් චීටා අට දෙනෙකු මුලින් ගෙන එන ලද අතර, 2023 දී තවත් චීටා 12 ක් සහ 2025 දෙසැම්බර් මාසයේදී බොට්ස්වානාවෙන් තවත් අට දෙනෙකු ගෙන එනු ලැබ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02