spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චාමර වීරසිංහ තැබූ සංවේදී සටහන

චාමර වීරසිංහ කියලා කියන්නේ ශ්‍රී ලාංකේය රසික හදවත් තුළ ලැගුම් ගත් හදවතේ ගායකයායි. ඔහුගේ නිහතමානී කමත් සරල ගති පැවතුනුත් අද්විතීය හඬ පෞරුෂයක් නිසාම තමයි බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඔහු වටා එක් රොක් වී සිටින්නේ සහ ඔහුට ආදරය කරන්නේ.

පසුගියදා දිනයේ දී චාමර වීරසිංහ සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ ඔහුගේ ආබාධිත රසිකයකුගේ අහිංසක ඉල්ලීමක් වෙනුවෙන් ආදරණීය සටහනක් තබලා තිබුණා.

ඒ මේ විදිහට,

“මගේ එකම හීනය “මෙලොවින් සමු ගන්න කලින් චාමර අයියා එක්ක එක වේදිකාවක ගීතයක් ගායනා කරන එක.. ඔව් ඉක්මනින්ම මම ඒ අහින්සක හීනය සැබෑ කරනවාමයි.කලාකරුවකු වශයෙන් ලබන්න පුලුවන් සතුටක් මීට වඩා කොහෙන්ද..”

එම ආදරණීය රසිකයාගේ පින්තූරයක් සමග තමයි ඔහු එම සටහන තබා තිබුණේ.

කොහොමත් චාමර වීරසිංහ කියලා කියන්නේ මුදල් පසුපසම පමණක් හඹා යන ගායකයෙක් නෙවෙයි. ඔහු තම රසික රසිකාවියන් පිළිබඳව නිරන්තරයෙන්ම සිතන කෙනෙක්. ඒ නිසාම තමයි ඔහුට හදවතේ ගායකයා කියලා හැමෝම ආමන්ත්‍රණය කරන්නේ.

image 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?